ලංකාව පුරා විසිරී සිටින සුවහසක් විද්වතුන් ට සිප් කිරී පෙවූ, දකුණු ලක කීර්තිමත් පාසලක් වූ ගැටමාන්න දකුණු විදු මාතාව අද ගැටමාන්න පුරවරයේ දුවා දරුවන් තම පහසට ගෙන සිප් කිරින් පෝෂණය කරන්නේ උපන් බිමට බරක් නොවනු වස් ,තම දක්ෂතා ඔපනංවමින් දැයට සේවයක් කරන්නට පරිපූර්ණ කරමින් සමාජයට දායද කිරීමේ මහගු අරමුණු පෙරදැරි කරගෙනයි. එදා සිට අද දක්වාම ගැටමාන්න පුරවරයේ පින් බිමක් ලෙස සැවොම එක සේ අදහන ගැටමාන්න
දකුණ මහ විදුහල දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතී.
වර්තමානයේ ද පාසල් ප්‍රජාව ලෙස විදුහල්පති තුමිය ඇදුරු මඩුල්ල ,අනධ්‍යන කාර්ය මණ්ඩල සිසු දරුවන් සැවොම දෙමාපියන් ආදි සිසුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම සුබ පතන්නන් ඒකරාශී කරගනිමින් එක පවුරක් සේ ශක්තිමත්ව පාසල් මාතාව දියුණුව උදෙසා ඒකාත්මිකව ක්‍රියාශීලිය.
එහි ප්‍රතිඵල අතිමහත්ය. ඉහත කී සැමගේම ශක්තීන් ප්‍රමාණයට විද්‍යාලයේ භෞතික සම්පත් යම් ප්‍රමාණයක් පූර්ණ කර ගැනීමට අපි පොහොසත් වීමු. සියල්ලේම
අග්‍රඵලය ලෙස අත්කරගත් දරුවන්ගේ සියලු අංශ වල ජයග්‍රහන ප්‍රසන්ශාත්මකය.