විදුහලක අගය,වටිනාකම, වැදගත්කම හා ප්‍රයෝජනය සැකෙවින් කියන්නේ විදුහලක ඇරඹීම සිර ගෙයක් වසා දැමීම යනුවෙනි. දහැමි උගත් බුද්ධිමත් සමාජයක් ඉන් අදහස් කෙරේ. රට ජාතිය ආගම ආරක්ෂා කරන වීරෝධාර ජනතාවක් ඉන් බලාපොරොත්තු වේ.
ගැටමාන්න ප්‍රදේශයට අධ්‍යාපන නවෝදයක් උදාකිරීමෙහිලා පුරෝගාමී වූවන් අතරින් අමතක කළ නොහැකි පුද්ගලයෙකි. මොහු අනාගතය විනිවිද දුටු පුද්ගලයෙකි. උදාර අදහස් ඇති පුද්ගලයෙකි. ඒ අන් කිසිවකු නොව දෙමල්ගිරිය රාලහාමි නමින් ප්‍රසිද්ධව සිටි දොන් පේද්‍රික් ජයසේකර රාලහාමිය. ඔහු ගැටමාන්නේ ගම්මුලාදෑනි වරයාය.
මොහු 1913 දී රජයට පරිත්‍යාග කළ ඉඩමෙහි ඉදිකරනු ලැබූ අඩි 50 ක ගොඩවැගිල්ලක මින් වසර 104 කට පෙර එනම් 1915 ජනවාරි මස 18 වැනිදා ශුභ මොහොතෙන් අතපොත් තබා ගැටමාන්නේ මිශ්‍ර ගැටමාන්න පාඨශාලාව ආරම්භ කරන ලදී. අනාගත පරපුර වෙනුවෙන් කල එම පරිත්‍යාගය නිසා එදාට වඩා අදටත් වඩා හෙටටත් සරුවට මල්ඵල දරනු ඇත. මෙය දෙලොවම සතුටු විය හැකි උතුම් පරිත්‍යාගයකි. මේ පාසලින් උපරින් ඵල නෙලා ගැනීමට කීපදෙනෙකුවත් එදා අදහස් කලා නම් බහුශ්‍රැත ධර්ම කතිකයන් කීර්තිමත් බුද්ධිමතුන් බිහිවිය යුතුව තිබුණි. ගැටමාන්න ,කම්බුස්සාවල, අම්බල ,බෙලිඅත්ත, ගොඩවෙල යන ගම් වලිනි.
මේ සමගම තවත් ප්‍රතිරූප තුනක් මතකයට නගා ගත යුතුය.
මේ විදුහල අරඹා වසර 13 කට පසු එනම් 1928 දී කාන්තාවන් සදහා ගැහැණු පාඨශාලාවක් ආරම්භ කිරීමට මේ ආසන්නයෙන්ම ඉඩමක් පරිත්‍යාග කලේ ඩී.ජී. ජයසේකර ,ඩී.ජේ. කුරුගම ,එස්.කේ. ආරියරත්න යන උදාර පුද්ගලයින් තිදෙනාය. මෙම පාසල ඇරඹීමට මූලිකව කටයුතු කළ හා එයට ආධාර කළ මෙහි සේවය කල පින්වතුන් නොවන්නට මේ ප්‍රදේශයෙන් විවිධ ගනයේ දාමරිකයන් දුසිම් ගණන් බිහි වන්නට ඉඩ තිබුණි. එම අපකීර්තියෙන් ගැටමාන්න ප්‍රදේශය මුදාගත් ඒ සිව්දෙනාම කෘතවේදීව සිහිපත් කළ යුතුය.
|
ආරම්භ කළ වර්ෂය |
1915 ජනවාරි 08 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
පාසලේ ආදි කතෘගේ නම |
දොන් පේද්‍රික් ජයසේකර රාලහාමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හ/ගැටමාන්න දකුණ මහා විද්‍යාලය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගැටමාන්න |